ජාතික ණය සුරැකුම් ආයතනය

ණය සුරැකුම් යෝජනා ක්‍රමය

ජාතික ණය සුරැකුම් ආයතනය හා සම්බන්ධ මූල්‍යායතන 13 මගින් ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා මුදල් ප්‍රවාහ මත පදනම්ව ඇපකර නොමැතිව ලබාගන්නා ව්‍යාපාර ණය වෙනුවෙන් ණය සුරැකුම් සැපයීම.

සුරැකුම් යෝජනා ක්‍රමයේ ව්‍යුහය

නිර්නායක විස්තර
සුදුසුකම් ලබන ව්‍යාපාර කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා අංශයේ නියුතු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා.
ඇප සුරැකුමේ ස්වභාවය මූල්‍යායතන 13 විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සපයන ණය ආවරනය කිරීම සදහා අප ආයතනය මගින් නිකුත් කරන ඇප සුරැකුම්
ණය ආවරණයේ ප්‍රමාණය අදාල මුල්‍යායතනය මගින් අනුමත ණය මුදලෙහි ප්‍රමාණයෙන් 67% ක් දක්වා
ණය සුරැකුම වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ණය මුදල සදහා දෙනු ලබන සුරැකුමෙහි ප්‍රමාණයට වාර්ෂිකව 1% සිට 2% දක්වා ගාස්තු මුදලක් වන අතර, එම ප්‍රතිශතයේ ප්‍රමාණය එම ව්‍යාපාරයෙහි අවදානම සලකා බලා තීරණය කරනු ලැබේ. තවද එම සුරැකුම් සදහා වන ගාස්තුව වාර්ෂිකව අඩුවන සුරැකුමෙහි ප්‍රමාණය සදහා පමණි.
සුරැකුම් ලබාගැනීම සදහා සුදුසුකම් ලබන ණය වර්ග ප්‍රාග්ධන වියදම් හා කාරක ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබාගන්නා කාලීන ණය සදහා පමණි.
ණය මුදලෙහි කාලසීමාව ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලබාගන්නා ණය සදහා කාලය අවම වසර 1ක් වන අතර උපරිමය වසර 10කි.
කාරක ප්‍රාග්ධන ණය සදහා කාලය අවම වසර 1ක් වන අතර උපරිමය වසර 3කි.
සුරැකුම ලබාගත හැකි ණය මුදලේ ප්‍රමාණය අවම ණය මුදලේ ප්‍රමාණය ලක්ෂ 5කි.
උපරිමය ලක්ෂ 250 දක්වා වන ණය සදහා සුරැකුම් ලබාගත හැක.
ප්‍රමුඛතා අංශ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය (IT), අපනයනය සහ කාන්තාවන්ට අයත් හෝ කාන්තා කළමනාකරීත්වය ඇති ව්‍යාපාර මෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාර.