ජාතික ණය සුරැකුම් ආයතනය

ජාතික ණය සුරැකුම් ආයතනය

මූල්‍ය විසඳුම් හරහා ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම

img1 img2 img3

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ

NCGIL ණය සුරැකුම් යෝජනා ක්‍රමයේ මාර්ගෝපදේශ යටතේ නම්‍යශීලී කොන්දේසි සහිතව, කොටස් හිමි මූල්‍ය ආයතන 13 අතුරින් ඕනෑම ආයතනයක් මගින් මූල්‍ය ශක්‍යතාවයක් සහිත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට දැන් NCGI සුරැකුම සහිතව කාලීන ණය ලබා ගත හැකිය.

ප්‍රමුඛතා අංශ කෙරෙහි අවධානය

සංචාරක, කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ සේවා සහ අපනයන වැනි ප්‍රධාන අංශ සඳහා විශේෂිත සහාය, කාන්තා කළමනාකරීත්වයක් සහිත ව්‍යාපාර සහ පරිසර හිතකාමී ව්‍යාපාර කෙරෙහි අමතර අවධානයක් යොමු කිරීම.

ආර්ථික සංවර්ධනය සඳහා වඩා හොඳ දායකත්වයක්

මූල්‍ය පහසුකම් සඳහා වූ ප්‍රවේශයත් සමඟ, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නව ව්‍යාපාරවලට හෝ පවතින ව්‍යාපාරවලට ඔවුන්ගේ මෙහෙයුම් පරිමාණය පුළුල් කළ හැකි අතර එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයට ශක්තිමත් දායකත්වයක් ලබා දිය හැකිය.